ආර්ථීක පර්යේෂණ අංශය

අංශ ප්‍රධාන/අධ්‍යක්ෂ (නියාමන)P.R. ඉඩමේකෝරාල, නිවර්තන පාංශු කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය
විද්‍යුත් තැපෑල: prasadri@yahoo.com
සහකාර අධ්‍යක්ෂ (පර්යේෂණ) ඩබ්. ජී. ජී. චතුරිකා මිය, කෘෂිකර්ම විද්‍යාවේදී (ගෞරව) උපාධිය
සහකාර අධ්‍යක්ෂ (පර්යේෂණ)ජී. ඒ. එම්. එස්. එස්. ගුණරත්න මිය, ආයතනික කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය, කෘෂි තාක්ෂණය හා කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය
සංවර්ධන සහකාර කේ. ජී. ඒ. කේ. විජේසූරිය මහත්මිය, ශාස්ත්‍රවේදී උපාධිය
සංවර්ධන සහකාර බී.ජී.ඩී. ප්‍රියංගිකා මිය, ශාස්ත්‍රවේදී උපාධිය
සංවර්ධන සහකාර ජී.ජී.ඒ බණ්ඩාර මහතා, ශාස්ත්‍රවේදී උපාධිය
සංවර්ධන සහකාර ඒ. ෆාහිම් මහතා, ශාස්ත්‍රවේදී උපාධිය
සංවර්ධන සහකාර එස්. එදිරිසිංහ මහතා, ශාස්ත්‍රවේදී උපාධිය
සංවර්ධන සහකාර ජී. ජී. එන්. එස්. ගමගේ මහත්මිය, ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, ශාස්ත්‍රවේදී උපාධිය
පර්යේෂණ සහ සංවර්ධන සහකාර ජී.ඩී.ජී. ප්‍රියන්ති දොලපිහිල මහත්මිය, ශාස්ත්‍රවේදී උපාධිය
සංවර්ධන සහකාර ආර්. චමනි පද්මසිරි මිය, ආර්ථික විද්‍යා පිළිබඳ දර්ශනපති උපාධිය, ශාස්ත්‍රවේදී උපාධිය

හැඳින්වීම

අපනයන කෘෂි බෝගයන්හි සමාජ ආර්ථික අංශයන් පිළිබඳ අධ්‍යයන පැවැත්වීම හා ඒ මගින් ගැටලු හඳුනාගෙන ඵලදායි විසඳුම් ලබාදීම අරමුණු කොටගෙන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආර්ථික පර්යේෂණ අංශය ස්ථාපිත කර ඇත. ශක්තිමත් ගොවිපල කළමනාකරණ උපායමාර්ග සකස් කිරීමට සහ සම්පත් විභාජනය සඳහා වඩාත් හොඳ ක්‍රමවේදයක් සකස් කිරීමටද මෙමගින් සහාය ලැබේ. අපනයන කෘෂි බෝග වගාව සහ අලෙවිකරණය හා සම්බන්ධ විවිධ අංශ පිළිබඳ සංඛ්‍යාන දත්ත රැස් කිරීම සහ පවත්වාගෙන යාම ද ආර්ථික පර්යේෂණ අංශය මගින් සිදුකරනු ලබයි.

සේවාවන්

ආර්ථික පර්යේෂණ ඒකකය අපනයන කෘෂිකාර්මික බෝග වල ආර්ථික හා අලෙවිකරණ අංශ පිළිබඳව පහත ලයිස්තුගත කර ඇති සේවාවන් සපයනු ලබයි.

  • වගා කරන දිස්ත්‍රික්ක වලින් අපනයන කෘෂිකාර්මික බෝග වල ගොවිපල මිල සතිපතා රැස් කිරීම හා සම්පාදනය කිරීම සහ සාරාංශයක් සතිපතා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු වෙබ් අඩවියට සහ වෙනත් මාධ්‍යවලට නිකුත්කිරීම
  • අපනයන කෘෂිකාර්මික බෝග සම්බන්ධයෙන් අස්වනු පුරෝකතන තොරතුරු රැස්කිරීම හා වාර්තා සකස් කිරීම
  • අපනයන කෘෂි බෝග වගාව හා අලෙවිකරණය පිළිබඳ සියලුම අංශයන්හි සංඛ්‍යාන දත්ත එකතු කිරීම පවත්වාගෙන යාම හා බෙදා හැරීම
  • මහජනතාවගේ සහ වෙනත් රාජ්‍ය ආයතන වල දැනුවත් භාවය සඳහා අපනයන කෘෂි බෝගයන්හි ආර්ථික හා අලෙවිකරණය පිළිබඳ තොරතුරු සැපයීම
  • දේශීය හා ගෝලීය පරිමාණයෙන් අපනයන කෘෂිකාර්මික බෝග වල වර්තමාන වෙළෙඳපොළ වෙනස්වීම් විශ්ලේෂණය කිරීම සහ වාර්තා කිරීම

සිදුකෙරෙමින් පවතින පර්යේෂණ වැඩසටහන්

තනි වගාවක් ලෙස ගම්මිරිස් වගා කිරීමේදී ඇති වන සමස්ත පරිසර පද්ධති ප්‍රතිලාභ ගම්බිරිස් අතුරු බෝගයක් ලෙස හා මිශ්‍ර බෝගයක් ලෙස වගා කිරීමේදී ඇති ප්‍රතිලාභ සමඟ උඩරට ගෙවතු වගාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සංසන්දනය කිරීම පිළිබඳ අධ්‍යයනය

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත තුල වැනිලා වගාව ව්‍යාප්ත කිරීම පිළිබඳව පවතින ශක්‍යතාවන් හඳුනාගැනීම පිළිබඳ අධ්‍යයනය