පරිපාලන අංශය

පරිපාලන අංශය දෙපාර්තමේන්තුවේ අනෙකුත් සියලුම අංශ හා බාහිර සංවිධාන සම්බන්ධීකරණය කිරීමේ වගකීම දරයි. ඒ අනුව, නව බඳවා ගැනීම්, උසස්වීම් සහ මාරුවීම්, දෙපාර්තමේන්තු විභාග, මානව සම්පත් සංවර්ධනය, විනය පාලනය හා සම්බන්ධ ප්‍රාග්ධන වත්කම් ප්‍රසම්පාදනය හා නඩත්තු කිරීම ප්‍රධාන වශයෙන් මෙම අංශය විසින් මෙහෙයවනු ලැබේ. ප්‍රධාන වගකීම්වලට අමතරව, කාර්ය මණ්ඩලය දිරිගැන්වීම සහ සුභසාධනය සඳහා සුභසාධන සේවා සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් මෙම අංශය විසින් සිදු කරනු ලැබේ.