පුවක් වගා ප්‍රවර්ධන වැඩසටහන

අපනයනය සඳහා පුවක් නිෂ්පාදනය වැඩි කිරිම, වගාකරුවන්ගේ ආදායම වැඩි කිරිම සහ පාංශු හා ජල සංරක්ෂණය වැඩි දියුණු කිරීම අරමුණ කරගනිමින් පුවක් වගාව ප්‍රචලිත කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

මෙම වැඩසටහන යටතේ තනි වගාවක්, අතුරු වගාවන්, මිශ්‍ර වගා ලෙස, ගෙවතු, වාරිමාර්ග දෙපස, ජල පෝෂක ප්‍රදේශ, පරිසර සංරක්ෂණ කටයුතු සිදු කරන ස්ථාන,රාජ්‍යවතු, සමාගම් වතු, හා පුද්ගලික ආයතන සතු ඉඩම් වල සිටුවීම සඳහා පුවක් පැළ නිකුත් කළ හැකිය.

පැළ ලබා ගැනීම සදහා පහත පරිදි ඉල්ලුම් කල යුතුය.

  • i. තනි වගාවක්, අතුරු භෝගයක් හෝ මිශ්‍ර වගා ලෙස වගා කිරීම සදහා නව වගා අයදුම්පත්‍රයක් ඉදිරිපත් කල යුතු ය.
  • ii. වගාකරුවන් වෙත බෙදා දීම සදහා විවිධ ආයතන, කණ්ඩායම් වශයෙන් හෝ සංවිධාන වශයෙන් පැළ ඉල්ලීමේදි ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කල යුතු ය.
  • iii. අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන් හෝ සංවර්ධන නිලධාරීන් වගාකරුවන් සංවිධානය කර ඇති අවස්ථාවල ඔවුන්ට අයදුම් පත්‍රයක් ඉදිරිපත් කළ හැක.

අයදුම්පත බාගත කර ගන්න.