සංචාරක නිවාස

අයදුම්පත බාගත කරගන්න.

ගාස්තු සංශෝධන වාර්තාව

සපයන පහසුකම්
දෙපාර්තමේන්තුව / අමාත්‍යාංශය
වෙනත් රාජ්‍ය ආයතන
රාජකාරී
පෞද්ගලික
රාජකාරී
පෞද්ගලික
නවාතැන් එක් අයෙකු සදහා දිනකටනු/එළිය – රු.200/-නු/එළිය – රු.500/-නු/එළිය – රු. 500/-නු/එළිය – රු. 1000/-
සම්පූර්ණ සංචාරක නිවාසය දිනකටනුවරඑළිය රු.3500/- නු/එළිය රු. 5000/- නු/එළිය රු. 7500/-
සංචාරක නිවාස වෙන් කිරීමේදී සැලකිය යුතු කරුණු
  • සංචාරක බංගලාව වෙන්කර ගනු ලබන නිලධාරියාට නිකුත් කරන ලද ලිපියේ උපදෙස් අනුව කටයුතු කළ යුතු අතර එහි සඳහන් නීති රීති ඔබ විසින් පිළිපැදිය යුතුය.
  • නුවරඑළිය සංචාරක නිවාසය කාමර 02කින් සමන්විත අතර නවාතැන් ගත හැකි සංඛ්‍යාව 4කි. අදාළ සංඛ්‍යාව ඉක්මවන්නේ නම් මුළු සංචාරක නිවාසයම වෙන් කරවා ගත හැක. කෙසේ නමුත් නවාතැන් ගන්නා සංඛ්‍යාව 10 නොඉක්මවිය යුතුය.
  • පළොල්පිටිය සංචාරක නිවාසය කාමර 03කින් සමන්විත අතර නවාතැන් ගත හැකි සංඛ්‍යාව 6කි. අදාළ සංඛ්‍යාව ඉක්මවන්නේ නම් මුළු සංචාරක නිවාසයම වෙන් කරවා ගත හැක. කෙසේ නමුත් නවාතැන් ගන්නා සංඛ්‍යාව 10 නොඉක්මවිය යුතුය.
  • මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, රේඛීය අමාත්‍යාංශයේ නිලධාරීන්, ජනාධිපති විමර්ශණ ඒකකයේ නිලධාරීන් හෝ විගණන නිලධාරීන් සඳහා හදිසි රාජකාරි වෙන් කිරීමක් සිදු කිරීමට අවශ්‍ය වුවහොත් අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවශ්‍ය ඕනෑම අවස්ථාවක කෙටි දැනුම් දීමකින් වෙන් කර ඇති දින ගණන සීමා කිරීමට හෝ සංචාරක බංගලාව වෙන් කිරීම අවලංගු කළ හැකි බව කාරුණිකව දන්වමි.
  • ඔබ පිටත්ව යාමට පෙර අමුත්තන්ගේ ලේඛනයේ අදාල සටහන් තබා අත්සන් කළ යුතු අතර සංචාරක බංගලාව වෙන් කිරීමට අදාල ගාස්තු සංචාරක බංගලා භාරකරුට ගෙවා කුවිතාන්සිය ලබා ගැනීමට කටයුතු කරන්න. රාජකාරි කටයුතු සඳහා කරන ලද වෙන් කිරීමක් නම් ඒ බව සනාථ කිරීම සඳහා ඊට අදාල ලියවිලිවල පිටපත් ( රාජකාරි පැවරීමේ ලිපිවල) සංචාරක බංගලා භාරකරුට ලබා දිය යුතුය.
  • සංචාරක බංගලාව වෙන් කරගත් දිනවල එහි නවාතැන් ගැනීමට නොහැකි වුවහොත්, ඒ සඳහා අයකරනු ලබන ගාස්තුව කිසිදු හේතුවක් මත ආපසු ගෙවනු නොලැබේ.