සංවර්ධන අංශය

අපනයන කෘෂි භෝග අංශය ප්‍රවර්ධනය කිරීම සඳහා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය හා බෙදා හැරීම සහ ඒවාට මූල්‍ය ආධාර ලබා දීමත් පාර්ශවකරුවන්ට තාක්ෂණික උපදෙස් සහ මග පෙන්වීම ලබා දීම සඳහාත් සංවර්ධන අංශය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙම අංශය මෙහෙයවනු ලබන්නේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුගේ (සංවර්ධන) සහාය ඇතිව අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයකු විසිනි. ඊට අමතරව, අදාළ දිස්ත්‍රික්කවලට අනුයුක්ත සහකාර අධ්‍යක්ෂවරුන්, ව්‍යාප්ති නිලධාරි කොට්ඨාශ භාරව සිටින ව්‍යාප්ති නිලධාරීන්, පර්යේෂණ හා සංවර්ධන සහකාරවරුන් සහ කොට්ඨාශවලට අනුබද්ධ සංවර්ධන නිලධාරීන් සංවර්ධන අංශයේ සේවාවන් හා කාර්යයන් අඛණ්ඩව කරගෙන යාම සඳහා සහායක කාර්ය මණ්ඩලයක් ලෙස කටයුතු කරති. මෙම අංශයේ සංවර්ධන කටයුතු හා සේවාවන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ මහනුවර, මාතලේ, නුවරඑලිය, කුරුණෑගල, කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, බදුල්ල සහ දිස්ත්‍රික්ක 14 ක් ආවරණය වන පරිදි ශ්‍රී ලංකාවේ තෙත් සහ අතරමැදි කලාප කෙරෙහි ය. මොණරාගල අපනයන කෘෂි භෝග සංවර්ධන කටයුතු පුළුල් කිරීම සඳහා 2016 දී අම්පාර, පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල නව කාර්යාල තුනක් විවෘත කරන ලද අතර එමඟින් සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවලට අපනයන කෘෂි භෝග හඳුන්වා දීම අඛණ්ඩව සිදු කෙරිණි.

අපනයන කෘෂි භෝග කුඩා පරිමාණ වගා ප්‍රවර්ධන වැඩසටහන

ඉල්ලුම් පත්‍රය

පසු අස්වනු තාක්ෂණ සහ ගුණාත්මය ඉහල නැංවීමේ වැඩසටහන

වැඩි විස්තර ……..

අයදුම්පත බාගත කරගන්න