අපනයන කෘෂි භෝග සඳහා පසු අස්වනු පහසුකම් සංවර්ධනය සහ උපකරණ සඳහා සහාය ලබා ගැනීම

අයදුම් කළ හැක්කේ කාටද:

අපනයන කෘෂි භෝග, වතු හෝ මහා පරිමාණ අපනයන කෘෂි භෝග වගාකරුවන්ගේ ගොවි සංවිධාන 1998 දී අපනයන කෘෂිකාර්මික බෝග නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා පසු අස්වනු උපදේශන සේවා ඒකකය (PHASU) ආරම්භ කරන ලදී. පාර්ශවකරුවන්ගේ විවිධ මට්ටමේ මෙහෙයුම් වලදී ගැලපෙන පරිදි ආයෝජන ආධාර යෝජනා ක්‍රමය 2015 අප්‍රේල් මාසයේ දී සංශෝධනය කරන ලදී. මෙම ආධාර යෝජනා ක්‍රමයේ ප්‍රධාන පරමාර්ථය වූයේ ජාත්‍යන්තර වෙළඳපල තුළ තරඟකාරී වීමට නිෂ්පාදනයේ ගුණාත්මකභාවය පවත්වා ගැනීම, නිෂ්පාදන විවිධාංගීකරණය සහ අගය එකතු කිරීම සහ අපනයන කෘෂි භෝග නිෂ්පාදන අලෙවිකරණය සඳහා පහසුකම් සැලසීමයි.

පශ්චාත් අස්වනු ක්‍රියාකාරකම් සඳහා ආධාර යෝජනා ක්‍රමය පිළිබඳ විස්තර සඳහා මෙම සබඳතාව භාවිතා කරන්න.

සේවාව සඳහා අයදුම් කරන්නේ කෙසේද:

අයදුම්පතක් ඉදිරිපත් කළ යුතුය

  • බදාදා දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා ළඟම ගොවිජන සේවා මධ්‍යස්ථාන පදනම් කරගත් ව්‍යාප්ති නිලධාරී වෙත
  • කාර්යාල දිනවල උදේ 8.30 සිට ප.ව 4.15 දක්වා සහකාර අධ්‍යක්ෂ කාර්යාලයට

සේවා සපයන්නේ කෙසේද:

අයදුම්පත ලියාපදිංචි කිරීමෙන් පසු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් එම ක්ෂේත්‍රයට  පැමිණ අයදුම්කරු සුදුසුකම් සැපිරීමට අදාල නිර්ණායකයන් සපුරා ඇත්දැයි තීරණය කරනු ඇත. පරීක්ෂණයේදී සලකා බලන නිර්ණායක වනුයේ ඉදිකිරීම සිදුකිරීමට බලාපොරොත්තුවන භූමිය, භූමියේ හිමිකාරිත්වය පිළිබඳ වාර්තා, මූල්‍ය ශක්තිය සහ ගොවි සංවිධානයේ / අයදුම්කරුගේ භෞතික හැකියාව සහ ව්‍යාපෘති යෝජනාවේ ශක්‍යතාවයි. එම නිර්ණායකයන් සපුරා ඇත්නම්, අයදුම්පත යෝජනා ක්‍රමය සමඟ ලියාපදිංචි කරනු ලැබේ.

ඉන්පසු ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සඳහා අනුමැතිය ලබා දෙන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී තාක්ෂණික සහාය ලබා දෙනු ඇත. යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට හා ස්ථාපනය කිරීමට තාක්ෂණික සහාය ලබා දෙනු ඇත. ඉදිකිරීම් අවසන් වූ පසු ගෙවීම් සිදු කෙරේ.

සේවා සැපයීමට ගතවන කාලය:

මාස 6 ක් – අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් වසරකට පසු

වගකිවයුතු නිලධාරීන් සහ සම්බන්ධතා තොරතුරු:

  • දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
  • ළඟම ඇති ගොවි සේවා මධ්‍යස්ථානයේ සිටින ප්‍රදේශයේ ව්‍යාප්ති නිලධාරී
  • නියෝජ්‍ය අධ්‍යක්ෂ – තාක්ෂණික III

අයදුම්පත බාගත කරගන්න